Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට තවත් දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගයක්
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට තවත් දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගයක්

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකට සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා මේ මස අග භාගයේදී ඉන්දීයාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගයක් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව උදාවී තිබේ. 

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගය මෙය වේ. මින් පෙර බංග්ලාදේශයට,  ඕස්ටේ‍්‍රලියාවට සහ එංගලන්තයට එරෙහිව දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරග 3 කට කී‍්‍රඩා කර ඇති ඉන්දියාව ඉන් තරග 2 ක් ජයගෙන සෙසු තරගය පරාජයට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවද මින් පෙර පාකිස්තානයට, බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරග 3 කට කී‍්‍රඩා කර ඇති අතර ඉන් 2 ක් ජය ලබා සෙසු තරගය පරාජයට පත්ව තිබේ. 

ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු මස 12 වැනිදා බැංගලෝර්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය රෝස පැහැති පන්දුවෙන් කී‍්‍රඩා කරන දිවා-රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඊයේ (15 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව එය කණ්ඩායම් දෙකේම සිවුවැනි දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගය වනු ඇත. 

මෙම ටෙස්ට් තරගය දෙක ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරග වන අතර එහි පළමු වැන්න මාර්තු මස 4 වැනිදා මොහාලිහිදී පැවැත්වීමට නියමිතය. එම ටෙස්ට් තරග විරාට් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගයද වේ.

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පෙබරවාරි මස 24, 26 සහ 27 යන දිනවලදී විස්සයි-20 තරග 3 පැවැත්වෙනු ඇත. එම තරග 3 න් පළමුවැන්න ලක්නව්හිදීද, දෙවැනි සහ තෙවැනි තරග ධරම්ශාලාහිදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

විස්සයි-20 තරගාවලියේ කාලසටහන 
පෙබරවාරි 24 - පළමු විස්සයි-20 තරගය - ලක්නව්හිදී 
පෙබරවාරි 26 - දෙවැනි විස්සයි-20 තරගය - ධරම්ශාලාහිදී 
පෙබරවාරි 27 - තෙවැනි විස්සයි-20 තරගය - ධරම්ශාලාහිදී

ටෙස්ට් තරගාවලියේ කාලසටහන 
මාර්තු මස 4-8 - පළමු ටෙස්ට් තරගය - මොහාලිහිදී 
මාර්තු මස 12-16 - දෙවැනි ටෙස්ට් තරගය - බැංගලෝර්හිදී

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාවට තවත් දිවා-රාතී‍්‍ර ටෙස්ට් තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.