Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් - රාජකීය තරගය ජය පැරදුමෙන් තොරයි

ශා. ජෝශප් - රාජකීය තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2021 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (නොදැවී 102) ශතකයක් ලබාගත් අතර ශාන්ත ජෝශප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 71 ක් රැස්කරමින් සහ ලකුණු 71 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

 


ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 210
(දුනිත් වෙල්ලාලගේ 71, යෙසිත් රූපසිංහ 26, ශේනුක ද සිල්වා 24, සොනාල් අමරසේකර 21/3, ගිශාන් බාලසූරිය 78/3, කවිඳු පතිරත්න 29/2)

රාජකීය විදුහල - ඕවර 100 කදී කඩුලු 8 ක් දැවී 209
(ඉසිවර දිසානායක නොදැවී 102, අශේන් ගමගේ 45, සදිශ රාජපක්ෂ 25, දුනීත් වෙල්ලාලගේ 71/5, ළහිරු අමරසේකර 51/2)

ශාන්ත ජෝශප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී 107
(ශේරාන් ෆොන්සේකා නොදැවී 52, සදීෂ් ජයවර්ධන 32, ප්‍රශාන් කල්හාර 13/2)

-036


අදහස් (0)

ශා. ජෝශප් - රාජකීය තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.