Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වන කොටසේ පැවති තරගයකදී, තලවතුගොඩ අයි ගේට් විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක් ලැබීමට කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහල පෙරේදා (14 වැනිදා) සමත් විය. මෙම තරගය මැලේයි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 179 ක ඉලක්කය හඹාගිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය ඕවර 28.2 කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ තෝමස් විද්‍යාලයේ ආර්.ඒ කෝදාගොඩ ශතකයක් (100) ලබා විදුහලේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් අයි ගේට් විද්‍යාලයට ඕවර 46.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි.
අයි ගේට් විද්‍යාලය - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී ලකුණු 178
(කවීශ ලක්රුවන් 26, කෞමික ලොකුසූරිය 25, වරුණ විජේසිංහ 23, චමුත් දලවත්ත 21, පී.ජී.බී සෝරදෙනිය 20/4, ටී.එස් ඬේවිඞ් 23/2 )
ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය - ඕවර 28.2 කදී කඩුලු 6කට ලකුණු 182
(ආර්.ඒ කෝදාගොඩ 100, පී.ජී.බී සෝරදෙනිය 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.