Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (19 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු වන වනුජ සහන් සහ ළහිරු දෙවැටගේ පිළිවෙලින් ශාන්ත පීතර කණ්ඩායමේ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ දනාල් හේමානන්ද ශාන්ත පීතර කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
බවන්ත ජයසිංහ විසින් තර්ස්ටන් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර නිපුන් ප්‍රේමරත්න තර්ස්ටන් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.
අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. තර්ස්ටන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 66 ක ජයක් වාර්තා කරමිනි.
මූලික වටයේදී ගාල්ල මහින්ද, වත්තල ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත පීතර විදුහල, ගාල්ල මහින්ද විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
කොළඹ ආනන්ද, මරදාන සහිරා, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ මහනුවර සිල්වෙස්ටර්ස් විදුහල්වලට එරෙහිව මූලික වටයේදී ජය වාර්තා කළ තර්ස්ටන් විදුහල, අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ලුම්බිණී විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10 ක ජයක් වාර්තා කරමිනි.
ශාන්ත පීතර විදුහල් සංචිතය
වනුජ සහන් (නායක), ළහිරු දෙවැටගේ, දනාල් හේමනන්ද, ෂෙනාල් බොතේජු, සන්ෂේ ගුණතිලක, නිමාන් උමේෂ්, නිමුතු ගුණවර්ධන, විෂේන් හැලඹගේ, ශැනන් රොද්‍රිගූ, ලකිඳු සචින්, රූසඳ ගමගේ, ලෂ්මික පෙරේරා, කවික ජයසුන්දර, ඉෂිර අයුපල, දිලන දම්සර, සලිත් ගාල්ලගේ, රිතිල් සුරවීර, අනූප ගරුමාන්න, ෂෝන් රොබට්ස්, අභිලාෂ් වෙල්ලාලගේ, සුනන්ද ප්‍රනාන්දු මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), රොජර් විජේසූරිය මහාතා (ප්‍රධාන පුහුණුකරු) සහ ජනුදික ශ්‍රියාපාල මහතා (සහාය පුහුණුකරු)
තර්ස්ටන් විදුහල් සංචිතය
බවන්ත ජයසිංහ (නායක), පසිඳු රත්නායක, රුවින්ද දිල්ෂාන්, තරිඳු හර්ෂන, ශනිත්‍ය දේෂප්‍රිය, විහාස් තෙව්මික, මොහොමඩ් වසීම්, නිපුන් ප්‍රේමරත්න, උපුල් හෙට්ටිආරච්චි, තේනුක දේවප්‍රිය, තේනුක පළිහවඩන, උෂාන් ඉමේෂ්, දේවින්ද දිල්ෂාන්, පසිඳු රෂ්මික, රංග රසාංග, හිමන්ත හංසක, නිවිඳු දුලාන්, මාලක බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), හේෂාන් තිලකරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ දුමිල පෙරේරා මහතා (සහාය පුහුණුකරු)
ශාන්ත පීතර විදුහලේ නායක වනුජ සහන් සහ උපනායක ළහිරු දෙවැටගේ
තර්ස්ටන් කණ්ඩායමේ නායක බවන්ත ජයසිංහ සහ උපනායක නිපුන් ප්‍රේමරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.