Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශාන්ත සෙබස්තියන් - වේල්ස් කුමර විදුහල් අතර මංගල විස්සයි-20 තරගයේදී ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5 ක අගනා ජයක් ලබාගත්හ. මොරටු රන් හටනට පූර්වගාමීව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ විමත් දින්සර පන්දු 39 කදී නොදැවී ලකුණු 65 ක් ලබාගනිමින් තම විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
විමත්ගේ විශ්මිත පිතිහරඹයට හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත සෙබස්තියන් කණ්ඩායම පළමුවෙන්ම පන්දු යැවීම තෝරා ගත්තද, වේල්ස් කුමාර විද්‍යාලයේ ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ අගනා පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී ලකුණු 76 ක් ලබාගත්තේය. තරිැඳුගේ ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. නායක සුමල්ක ප්‍රනාන්දු (19) සහ ඔෂාන් මනීෂගේ (20) ප්‍රවේගකාරී පිතිහරඹය නිසා වේල්ස් කුමරුවෝ නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 162 ක් ලබාගත්හ.
ශාන්ත සෙබස්තියන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සනේෂ් ප්‍රනාන්දු (40) සහ අදේශ් අල්මේදා (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 71 ක් එක්කළහ. අදේශ් දැවී යාමෙන් පසුව පැමිණි විමත් දින්සර තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගනිමින්, පන්දු 3 ක් ඉතිරිව තිබියදී තම කණ්ඩායම ගඟින් එතෙර කළේය.
වේල්ස් කුමර විදුහල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 162
(තරිඳු අමරසිංහ 76, ඔමේෂ් මෙන්ඩිස් 21, සුමල්ක ප්‍රනාන්දු 19, ඔශාන් මනීෂ 20, මනූජ චන්තුක 21/3)
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 19.3 කදී කඩුලු 5 ට 163
(සනේෂ් ප්‍රනාන්දු 40, අදීශ් අල්මේදා 33, විමත් දින්සර නොදැවී 65, සසිඳු ප්‍රාර්ථන 11, බාසුරු කල්හාර 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.