Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනි විද්‍යාලය අවසන් තරගයට

ශා.අන්තෝනි විද්‍යාලය අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අද (13 වැනිදා) සමත්විය.

තරස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී පිළියන්දල මධ්‍ය විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි. නිම්නක ජයතිලක ලකුණු 54 කට කඩුලු 6 ක් සහ අසිත වන්නිනායක ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතරු ඉනිම ඇරඹූ ශාන්ත අන්තෝනි විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 151 ක් රැස්කළ අතර පිළියන්දල මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 14 ක් ඉදිරියෙන් සිටීමට ඔවුන් සමත්වූහ.
සඳුන් සත්සර කඩුලු 4 ක්ද රුචිර අධිකාරී කඩුලු 3 ක් සහ හේෂාන් මදුසංක කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කඩුලු 7 කට ලකුණු 150 ක් රැස්කළ පිළියන්දල මධ්‍ය විද්‍යාලය ඉනිම අත්හිටුවමින් ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 137 ක ඉලක්කයක් ලබාදුන්නේය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ජමිත් දිල්ෂාන් (57) සහ චමෝද් සදරූ (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිම්නක ජයතිලක කඩුලු 4 ක් සහ සසිත් හිරුදික කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. චමිඳු වික්‍රමසිංහ ලකුණු 49 ක්ද තීක්‍ෂණ ගුණසිංහ නොදැවී ලකුණු 42 ක් සහ අසිත වන්නිනායක ලකුණු 36 ක් ලබාගනිමින් සිය පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


පිළියන්දල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(ජමිත් දිල්ෂාන් 32, අශේන් රුද්‍රගූ 32, නිම්නක ජයතිලක 54/6, අසිත වන්නිනායක 32/3)

ශා.අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(තමාෂණ අබේකෝන් 29, මොහොමඞ් කමීර් 24, අසිත වන්නිනායක 21, සඳුන් සත්සර 26/4, රුචිර අධිකාරී 22/3, හේෂාන් මදුසංක 30/2)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 150
(ජමිත් දිල්ෂාන් 57, චමෝද් සදරූ 51, නිම්නක ජයතිලක 66/4, සසිත් හිරුදික 53/3)

ශා.අන්තෝනි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 138
(චමිඳු වික්‍රමසිංහ 49, තීක්‍ෂණ ගුණසිංහ නොදැවී 42, අසිත වන්නිනායක 36, චමෝද් සඳරු 26/2)

 


අදහස් (0)

ශා.අන්තෝනි විද්‍යාලය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.