Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී පී. ද එස්. කුලරත්න විදුහලේ කවීෂ් සත්සර ලකුණු 99 කට කඩුලු 12 ක් දවාගනිමින්ද, ශාන්ත ජෝන් විදුහල් සුමුදු උදාර ලකුණු 70 කට කඩුලු 9 ක් දවාගනිමින්ද දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලු දෙනා දැවී 194
(ලක්ෂිත පසිදු 74, මලිත් ප්‍රනාන්දු 32, අසන් දිල්හාර 27, කවීෂ් සත්සර 54/6, මනුෂ්ක තීක්ෂණ 36/2)
පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 144
(කල්ප හර්ෂජිත් 57, කුමුදු දිල්සර 30, සුමුදු උදාර 31/5, සසිත මනුප්‍රිය 40/5)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී සියලු දෙනා දැවී 144
(සචින් ධනංජය 40, මඳුමිණ ප්‍රනාන්දු 28, කවීෂ් සත්සර 45/6, ඉෂාන් ශාමින්ද 37/2)
පී. ද එස්. කුලරත්න විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 5 දැවී 132
(තරිදු හර්ෂණ 50, මනුෂ තීක්ෂණ 44, සුමුදු උදාර 39/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.