Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර ශාන්ත ජෝශප් වාස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝශප් වාස් විදුහලේ දෙනෙත් මින්සර නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් සහ ලකුණු 4 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 26
(දෙනෙත් මින්සර 04/3, ඬේමියන් ප්‍රසංසන 05/3)
ශාන්ත ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී කඩුලු 3 ක් දැවී 170
(දෙනෙත් මින්සර නොදැවී 59, ඉමේෂ් දුලාංජන 52, තෙනුර ප්‍රනාන්දු 29)
රාජකීය විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 111
(මොවිඳු දිමන්සිත් නොදැවී 29, දුල්නෙක සංඛිත් 27, රොෂේන් නෝනිස් 49/4, රොෂිල ප්‍රනාන්දු 15/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.