Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතර අවසන් තරගයට එති

ශාන්ත පීතර අවසන් තරගයට එති

editorial - 2022 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) පැවැති තරගයෙන් අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් පීතරයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

ඒ අනුව මෙම මස 11 වැනිදා කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ශාන්ත පීතර විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. තර්ස්ටන් විදුහල අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 66 ක ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතරයෝ ඕවර 40.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 63 කට කට මුහුණදුන් වනුජ සහන් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දුවෙන්ද දස්කම් දැක්වූ සහන් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගැනීමටද සමත් විය. 

ඉසිපතන විදුහල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 170 
(කවිඳු ආමන්ත 26, යසිත් කළුපහන 26, රන්දුනු ගංගානාත් 23, තරුෂ නෙත්සර 22, වනුජ සහන් 21/2, දනාල් හේමානන්ද 22/2, ෂෙනොන් රොද්‍රිගූ 37/2) 

ශාන්ත පීතර විදුහල - ඕවර 40.1 කදී කඩුලු 6 ක් දැවී 171  
(වනුජ සහන් නොදැවී 42, රූසඳ ගමගේ 37, ළහිරු දෙවැටගේ 20, කවිඳු ආමන්ත 37/2, යුනෙත් සෙනෙවිරත්න 13/2) 

-036 


අදහස් (0)

ශාන්ත පීතර අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.