Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතර පළමු ඉනිම 92 කට සීමාවෙයි

ශාන්ත පීතර පළමු ඉනිම 92 කට සීමාවෙයි

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර කටුනේරියේදී පැවැත්වෙන 5 වැනි ‘මුහුදු ළිහිණියන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (28 වැනිදා) මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත සෙබස්තියන් විදුහල කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 92 ක් පමණි. එහිදී තාරක මනරම් කඩුලු 4 ක්ද, චතුමාල් නිමේෂ් සහ තිසර මධුෂාන් කඩුලු 3 බැගින්ද බිඳහෙළමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 92
(අකීල් ශෙනේෂ් 24, නවීන් අතිෂ්ඨ 21, තාරක මනරම් 19/4, චතුමාල් නිමේෂ් 21/3, තිසර මධුෂාන් 33/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී 63
(නිමේෂ් මධුෂංක නොදැවී 25, තිසර මධුෂාන් නොදැවී 21)

 


අදහස් (0)

ශාන්ත පීතර පළමු ඉනිම 92 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.