Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත ආනා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 41 වැනි ‘කෑගලු රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය (24 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත මරියා විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියේය.
එහිදී නවීන් තේමිය ලකුණු 26 ක්ද, සමිත සඳරුවන් ලකුණු 23 ක්ද, මලීෂ ආකාෂ් ලකුණු 21 ක්ද රැස්කරමින් ශාන්ත මරියා විදුහලට පළමු ඉනිමේ ජයක් අත්කර දීමට දායක වූහ. ශාන්ත මරියා ඉනිමේ බිඳවැටුණ කඩුලු 5 න් 2 කටම හිමිකම් කීමට කවිඳු ප්‍රකාෂ් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කෑගලු විද්‍යාලයට චමෝද් ආකාෂ් ප්‍රමුඛ ශාන්ත මරියා විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමෝද් ආකාෂ් ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර සුපුන් ලක්මාල් සහ තනුජ සම්පත් කඩුලු 3 බැගින් දවාගනිමින් කෑගලු විද්‍යාල පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා චමෝද්ට අනගි සහායක් දුන්හ.
කෑගලු විද්‍යාල පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 91
(කසුන් බණ්ඩාර 37, චමෝද් ආකාෂ් 30/4, සුපුන් ලක්මාල් 22/3, තනුජ සම්පත් 29/3)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී 121
(නවීන් තේමිය 26, සමිත සඳරුවන් 23, මලීෂ ආකාෂ් 21, කවිඳු ප්‍රකාෂ් 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.