Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතර ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් සර්වේෂස් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත සර්වේෂස් විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියේය. මෙම තරගයේදී සර්වේෂස් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට චිරාන් නෙත්තරු (124) සමත් විය.
සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 87.5 කදී කඩුලු 9 ක් දැවී 308
(චිරාන් නෙත්තරු 124, මිතිල චාර්ල්ස් 72, විරාන් චමුදිත 34, තිසන් දෙව්මිත් 23, රුවිෂාන් පෙරේරා 51/3, අයේෂ් ශෂිමාල් 83/3, යෙහාන් ගුණසිංහ 29/2)
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 76.5 කදී සියලු දෙනා දැවී 181
(මිහින් මුණසිංහ 59, කිත්ම සිත්මල් 33, විරාන් චමුදිත 58/5, තරුෂ් දමිඳු 32/2, චතුම් බිම්සර 37/2)
සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 2 ක් දැවී 130
(තරුෂ් දමිඳු නොදැවී 51, විෂ්ව සුපුන් නොදැවී 34, දිනිරු අබේවික්‍රමසිංහ 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.