Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සර්වේෂස් විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත සර්වේෂස් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සර්වේෂස් විදුහල වෙනුවෙන් චිහාන් කලඳු (68), මදුෂාන් ද සිල්වා (53) සහ චෙතක නිලන්දුව (51) අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 76 කදී සියලු දෙනා දැවී 278
(චිහාන් කලඳු 68, මදුෂාන් ද සිල්වා 53, චෙතක නිලන්දුව 51, පුශ්පිත දිල්ෂාන් 47, දිනුර දිල්මිත් නොදැවී 21, සෂික බස්නායක 89/5, අභිෂේක් කුමාර් 14/2, මලීෂ සිල්වා 27/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 74.3 කදී සියලු දෙනා දැවී 177
(මලීෂ සිල්වා නොදැවී 53, චන්දුල ජයකොඩි 38, අභිෂෙක් කුමාර් 25, මදුෂාන් ද සිල්වා 41/3, දමිඳු සංකල්ප 43/4, කොකුම් ඉන්දුම 58/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී 83
(මලිත් ලක්ෂාන් 28, චිරාත් නෙත්සරු 20/2, ධනංජය අමරසිංහ 31/3)


-036

 


අදහස් (0)

ශාන්ත සර්වේෂස් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.