Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දුලාජ් අෂේන් (නොදැවී 58) සමත් වූ අතර එම විදුහලේම චතුමාල් නිමේෂ් ලකුණු 24 කට කඩුලු 5 ක් දවාලනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 107  
(සෙනුර දීමාල් 26, සදීර වීරරත්න 43/6, ඉරුෂ්ක තිමිර 39/3)

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 77  
(චතුමාල් නිමේෂ් 24/5, සිතුම් අකිලන්ද 22/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 4 ක් දැවී 151  
(දුලාජ් අෂේන් නොදැවී 58, අයෝන් හේසර 43, සුදීර වීරරත්න 90/3)

-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.