Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 85 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සිවුවැනි වරටත් අනුග්‍රහය පිරිනැමීමට ‘ඩයලොග්’ සමාගම ඉදිරිපත්ව තිබේ. මෙවර දෙවිදුහල් අතර මහ ක්‍රිකට් තරගය මාර්තු මස 1 සහ 2 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එම අනුග්‍රහය නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩයලොග් ආසියාටා සමාගමේ ඩිජිටල් සේවා ප්‍රධාන නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පසුගියදා පැවැත්විණි. ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ට්‍රැවිස් ගේබ්‍රියල් පියතුමා සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ටේරවෝ මාටින් පියතුමා ඇතුළු තරග සංවිධාන ඒකාබද්ධ කමිටුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙවර ශාන්තුවර සටනේ සෙසු අනුග්‍රහකයන් ලෙස නෙස්ලේ ලංකා සමාගමේ ‘මැගී’, අලියා සිසිල් බීම සමාගම, කීල්ස් ක්‍රෙස්ට්, සිලෝන් බිස්කට් ආයතනය, එරෝන් ක්ලෝතින් සහ ජෙට්වින් හෝටලය ඉදිරිපත්ව සිටියි.
දෙවිදුහල් අතර 45 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 23 වැනිදා දින එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඩයලොග් ආසියාටා සමාගමේ ඩිජිටල් සේවා ප්‍රධාන නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ට්‍රැවිස් ගේබි්‍රයල් සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ටේරවෝ මාටින් පියතුමන්ලා වෙත අනුග්‍රහක චෙක්පත නිලවශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.