Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමකින් තොරයි

ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමකින් තොරයි

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 91 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඉකුත්දා ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. 

තරගය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹායමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු අභිෂේක් ජයවීර හතරේ පහරක් සමග නොදැවී ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 243 ක් ලබාගත් අතර එහිදී 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලෂ්මික පෙරේරා (58), පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබාගත්තේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝෂප් විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 240 ක් ලබා පළමු ඉනිමේ ජයක් පෙනි පෙනි සිටියදී ඉනිම අත්හිටුවා ශාන්ත පීතර විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

ලකුණු 3 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත පීතර විදුහලට මානස මධුභාෂන ප්‍රමුඛ ශාන්ත ජෝෂප් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ මානස ලකුණු 57 කට කඩුලු 5 ක් බිඳහෙළීය. 


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 93.3 කදී සියලු දෙනා දැවී 243 
(දිලන දම්සර 44, නේතන් ඩේවිඩ් 29, අසදිස ද සිල්වා 38, ජොෂුවා සෙබස්තියන් 27, තරීන් සංඛේත් 21, ලෂ්මික පෙරේරා 58, මානස මධුභාෂන 77/3, ඩේමියන් ද සිල්වා 48/2, නුෂාන් පෙරේරා 50/2, යෙනුල දෙව්තුස 58/2) 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 72.3 කදී කඩුලු 7 ක් දැවී 240 
(අභිෂේක් ජයවීර 23, අවීෂ සමාෂ් 32, සෙනුජ වෙකුනගොඩ 48, යෙනුල දෙව්තුස 86, රිෂ්ම අමරසිංහ 27, ජොෂුවා සෙබස්තියන් 80/4, ලෂ්මික පෙරේරා 64/3) 

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 168 
(නේතන් ඩේවිඩ් 53, ජේසන් ප්‍රනාන්දු 45, එනොෂ් පීටර්සන් 34, ඊතන් රන්සිලිගේ 20, මානස මධුභාෂන 57/5, නුෂාන් පෙරේරා 35/2, යෙනුල දෙව්තුස 49/2) 

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13.2 කදී කඩුලු 2 ක් දැවී 70 
(අවීෂ සමාෂ් 20, අභිෂේක් ජයවීර නොදැවී 31) 


අදහස් (0)

ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.