Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ අද (21 වැනිදා) පැවති තරගයකින් සිංගප්පූරු පිල පරදවා ලකුණු 13 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල සමත්විය.
ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය සිංගප්පූරු පිලට ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178 ක් පමණි.
එහිදී සිංගප්පූරු පිල වෙනුවෙන් අනීෂ් පරම් නොදැවී ලකුණු 62 ක් ලබාගත්තද තරග ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 104 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක්ද සමග ලකුණු 72 ක් රැස්කළ ශ‍්‍රී ලංකා පිල ආරම්භක පිතිකරු උදාර ජයසුන්දර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 191
(උදාර ජයසුන්දර 72, නිරෝෂන් දික්වැල්ල 34, කිත්රුවන් විතානගේ 17, ධනුෂ්ක ගුණතිලක 33, ලහිරු ජයරත්න 13, මොහොමඞ් ෂොයිබ් 16/4, චමින්ද රුවන් 33/3, නරේන්දර් රෙඞ්ඩි 42/2)
සිංගප්පූරු පිල - ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 178
(ඇන්ඩි‍්‍ර ඩි ලංග් 23, චමින්ද රුවන් 33, අනීෂ් පරම් නොදැවී 62, ටිමෝති සිංහම් 26, සාඞ් ජන්ජුවා නොදැවී 13)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.