Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ සිවුදින තරගය හෙට සිට

ශී‍්‍ර ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ සිවුදින තරගය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී හෙට (17 වැනිදා) ආරම්භ වේ. පළමු තරගයේ සිටම පිතිකරුවකු, කඩුලු රකින්නකු සහ නායකයකු ලෙස සෑම අංශයකින්ම දස්කම් දැක්වීමට තමන් බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

චන්දිමාල් පසුගිය කාලයේ පිතිකරුවකු ලෙස එතරම් දස්කම් දැක්වීමට අසමත්වීම හේතුවෙන් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ස්ථානය වෙන්කිරීමට ජාතික තේරීම් කමිටුව චන්දිමාල්ට මෙම තරගයේදී අවස්ථාවක් ලබා දෙමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස කණ්ඩායමට කැදවීය.

පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ අද (16 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා විස්සයි/20 පිලේ නායකයා ද වන දිනේෂ් චන්දිමාල් මෙසේ ද පැවසීය.

”මම විස්සයි/20 පිලේ නායකයා වගේම සෙසු කණ්ඩායම් දෙකත් නියෝජනය කරනවා. ඒ නිසා සිව්දින තරගයක් ක‍්‍රීඩා කරන්නත් මට පුඵවන් වෙන්න  ඕනේ.

”පසුගිය සංචාරයේ මම ලකුණු අතර සිටියා, ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියේදී සෑම අංශයකින්ම දස්කම් අතරට එන්න”
”මෙම තරගාවලිය ලොකු අභියෝගයක්, නවසීලන්ත පිල සැහැල්ලුවට හිතන්න බෑ. ඔවුන් ඉන්දීය සංචාරයේදී හොදින් ක‍්‍රීඩා කරලයි මේ සංචාරයට සහභාගි වී සිටින්නේ. අපේ සංචිතයේ අත්දැකීම් තියෙන ක‍්‍රීඩකයෝ රැසක් ඉන්නවා. ඉතාමත් හො`ද සමබර කණ්ඩායමක්’’

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා පැවසුවේ මෙම තරගාවලියේදී තම පළමු ඉලක්කය ජයග‍්‍රහණය වුවත් තම කාර්ය වී ඇත්තේ ජාතික කණ්ඩායමට අලූත් ක‍්‍රීඩකයන් යොමු කිරීම බවයි.

නවසීලන්ත ‘ඒ’ පිලේ නායක ටොම් ලෙතම් පැවසුවේ නවසීලන්ත සහ ශ‍්‍රී ලංකා තණතීරුවල විශාල වෙනසක් ඇති බවත් හෙට පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කර සහභාගි වන කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බවත්ය.

‘‘ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉතාමත් ශක්තිමත්, ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙත් ප‍්‍රබල ක‍්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා මෙම තරගාවලිය අපිට හොද අභියෝගයක් වෙයි, ඉදිරි දින හතරෙදි බලමු අභියෝගය කෙසේ වෙයිද කියා’’ යැයි නවසීලන්ත ‘ඒ’ පිලේ නායකයා වැඩි දුරටත් පැවසීය.

නවසීලන්ත ‘ඒ’ පිලට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් කීපදෙනකු ඇතුළත්ව සිටින අතර නායක ටොම් ලෙතම් නවසීලන්ත එක්දින සහ විස්සයි20 පිල නියෝජනය කර තිබේ.  


ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, සචිත‍්‍ර සේරසිංහ, චතුරංග ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, මධුර ලක්මාල්, විමුක්ති පෙරේරා, ඉෂාන් ජයරත්න, නුවන් ප‍්‍රදීප්, කෞෂාල් සිල්වා සහ ඇන්ජලෝ පෙරේරා

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ සිවුදින තරගය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.