Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට පදක්කම් 3 ක්

ශී‍්‍ර ලංකාවට පදක්කම් 3 ක්

ශනුක අරවින්ද - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝවේ නගරයේදී දැන් පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළේලේ අද (23 වැනිදා) පැවති මලල කී‍්‍රඩා තරග ඉසව් වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්මක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

පිරිමි මීටර් 1500 තරගයට සහභාගීවූ චමල් පුංචිහේවා සහ කාන්තා උස පැනීමේ තරගයට සහභාගීවූ සව්ම්‍යා මධුෂානි එම ඉසව් වල රිදී පදක්කම් දිනාගත් අතර කාන්තා මීටර් 100 තරගයට සහභාගීවූ ජානි චතුරංගනී එහි ලෝකඩ පදක්කම දිනාගත්තාය.

පිරිමි මීටර් 1500 තරගයේ රන් පදක්කම මොසැම්බික් රාජ්‍යයටත්, ලෝකඩ පදක්කම ඉන්දියාවටත් හිමිවිය. කාන්තා මීටර් 100 තරගයේ රන් සහ රිදී පදක්කම් දිනාගත් ඉන්දියාව, කාන්තා උස පැනීමේ තරගයේද රන් සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්විය.

මේ වන විට තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන ඉන්දියාව, රන් පදක්කම් 13 ක් සමගින් පදක්කම් 24 ක් දිනාගෙන සිටින අතර රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 5 ක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ එහි 5 වැනි ස්ථානයයි.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.