Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට පදක්කම් 8 ක්

ශී‍්‍ර ලංකාවට පදක්කම් 8 ක්

අමිල හේරත් - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කමක් ඇතුළුව රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව සිටියි– ඒ අනුව අද (10) දිනය වනවිට ශ්‍රී ලංකාව මුළු පදක්කම් අටක් හිමිකර ගෙන පදක්කම් සටහනේ 11 වැනි ස්ථානයේ පසුවිය.


අජිත් හෙට්ටිආරච්චි මීටර 400 (ටී 44) ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර එහි රන් සහ ලෝකඩ පදක්කම් දෙකම ඉන්දිය ක‍්‍රීඩකයෝ හිමිකර ගත්හ. අජිත් මෙම ඉසව්ව තත්පර 56.46 කින් නිම කළේය. අජිත්, මීටර 200 (ටී 44) ඉසව්වට ද සහභාගිවෙමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.


හෙල්ල විසි කිරීම (එෆ් 46) ඉසව්වේදී ගාමිණී කැටවල (තත්පර 44.71) රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය– මෙම තරගාවලියේදී ආසියානු තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් අනිල් ප‍්‍රසන්න ජයලත් දුර පැනීම (ටී42/44) ඉසව්වට ද සහභාගිවෙමින් පෙරේදා (9) රිදී පදක්කමක් දිනා ගැනීම කැපී පෙනේ. අනිල් මීටර 5.37 ක දස්කමක් දක්වමින් රිදී පදක්කම දිනාගත් අතර බුද්ධික ඉන්ද්‍රපාල එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මෙහි රන් පදක්කම හිමි වුයේ ජපානයටයි.


මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවී සිටින එකම ක‍්‍රීඩිකා අමරා ඉන්දුමතී දුර පැනීම කාන්තා ඉසව්වේදී (ටී20/47) රිදී පදක්කමක් දිනාගත්තාය. ඇය මීටර 4.70 ක දස්කමක් දැක්වුවාය. ජපානය සහ මැකාවෝ රාජ්‍යයට එහි රන් සහ ලෝකඩ පදක්කම් හිමිවිය.


රියෝ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුුසුකම් ලැබීමේ අවස්ථාව ද ලබාගත හැකිවන මෙම තරගාවලිය අනිද්දා (12) අවසන්වීමට නියමිතය.

අජිත් හෙට්ටිආරච්චි                         අමරා ඉන්දුමතී                               ගාමිණි කැටවල

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට පදක්කම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.