Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෙළඹ සුගතදාස පිටියේදී අද (18) නිමාව දුටු ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකුට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තාවේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා මීටර 400-4 (පිරිමි) කණ්ඩායමද සහභාගි කිරීම ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වන හෙයින් ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන් 10 දෙනෙකුගේ මලල ක‍්‍රීඩා කණ්ඩායමක් ‘ග්ලාස්ගෝ’ පොදුරද මඬුලූ ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය අපේක්ෂා කරයි.
සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති තේරීම් තරග ප‍්‍රතිඵල අනුව ජූනි 11 වැනිදා චීන තායිපේහිදී ආරම්භ වන ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවද කී‍්‍රඩකයකුට හිමිව තිබේ.
ඒ අනුව චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක (මීටර 400 - කාන්තා - තත්පර 53.49), ඩබ්. කේ.එල්. ඒ. නිමාලි (මීටර 800 - කාන්තා - විනාඩි 2 තත්. 04.65), නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම - කාන්තා - මීටර 57.97) හා සොනාලි ක‍්‍රිස්ටින් මෙරිල් (මීටර් 400 - කඩුලූ - කාන්තා - තත්පර 58.66) යන ක‍්‍රීඩිකාවෝ තේරීම් තරගාවලියේදී වඩාත් දස්කම් පළ කරමින් ලබන ජුලි 22 වැනිදා ‘ග්ලාස්ගෝ‘ නගරයේදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ වැඩි අවස්ථාව හිමිකර ගෙන තිබේ.
ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ නිලධාරියෙකු පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් තේරීම් තරගාවලියේදී වඩාත් දස්කම් ප‍්‍රදර්ශනය කළ එම ක‍්‍රිඞීකාවන්ට ඒ සඳහා දැන් අවස්ථාව හිමිව තිබෙන බවය.
මීළඟ ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙස සහභාගිවීමේ අවස්ථාව රත්නපුර සීවලී මැදි විදුහලේ සමිත ලක්මාල්ට හිමිව තිබේ. තේරීම් තරගාවලියේදී සමිත මීටර 400 (පිරිමි) මූලික වටයේදී තත්ත්පර 49.19 ක දක්ෂතාවක් දැක්වීම සැළකිල්ලට ගනිමින් එම අවස්ථාව ඔහුට දීමට තේරීම් කමිටුව ඊයේ තීරණය කළේය.
සමිත ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මීටර 400-4 කණ්ඩායම් අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙසය. කෙසේ වුවත් ඔහු තේරීම් තරගාවලියේදී මීටර 400 (පිරිමි) අවසන් තරගයට සහභාගි නොවීය.
තේරීම් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව ක‍්‍රීඩක - ක‍්‍රීඩිකාවන්ගේ දස්කම්වල, ප‍්‍රගතියක් දක්නට නොලැබුණත් මීටර 800 ක‍්‍රීඩිකා ගුවන් හමුදාවේ ඩබ්.කේ.එල්.ඒ. නිමාලිගේ දස්කම් කැපී පෙනුණි. ඒ ඇය මෙරටදී එම ඉසව්වේ හොඳම දක්ෂතාවය පෙන්වීමට සමත්වීමය. එහි ශ්‍රී ලංකා වාර්තාවට වසර 22 ක් තිස්සේ හිමිකම් කියන හිටපු ධාවන ශූරි ධම්මිකා මැණිකේ ශ්‍රී ලංකා වාර්තාව 1992 දී පිහිටුවා ඇත්තේ විනාඩි 2 තත්පර 03.85 කටය.
මෙම තේරීම් තරගාවලියේදී එකම නව ශ්‍රී ලංකාව වාර්තාව පිහිටුවීමට සමත්වූයේද ක‍්‍රීඩිකාවක් විසිනි. මනෝජි අමරසිංහ යුද හමුදාව නියෝජනය කරමින් පෙරේදා (17) මිටිය විසිකිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූයේ මීටර 42.14ක ටය. එම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවූයේ වසර තුනකට පසුවය.
පසුගිය මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියද නියෝජනය කළ සොනාලි ක‍්‍රිස්ටින් මෙරිල් ලංකා ලයන්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් තේරීම් තරගාවලියට සහභාගි වූවාය. ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ පදිංචි ඇය ඒ සඳහා සූදානමින් මෙරටට මීට සතියකට පෙර පැමිණ යෝගානන්ද විජේසුන්දර මහතා යටතේ විශේෂ පුහුණුවීම් කළාය.
කෙසේ වුවත් වසර 10ක් තිස්සේ ඇමෙරිකාවේ වෙසෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කළද අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තරග මාලා ගණනාවකට සහභාගි වී සිටින ඇය මෙතෙක් පදක්කම් දිනා ගැනීමට සමත් ව නොමැත.
තේරීම් තරගාවලියේදී වඩාත්ම අවධානය දිනා ගත් මීටර 100 (පිරිමි) ඉසව්වේ හොඳම නිමිකාලය තත්පර 10.50 කට වාර්තා කළේ කළුතර ජාතික පාසලේ හිමාෂ ඒෂාන් විසිනි. පළපුරුදු ධාවකයෙකු වන ෂෙහාන් අඹේපිටිය තත්ත්පර 10.66 කට දෙවැනි තැනට පත් කරමින් හිමාෂ ඒෂාන් මීටර 100 (පිරිමි) අවසන් තරගය ජයගත්තේය.
මීටර 100 කාන්තා ඉසව්ව ජානි චතුරංගනි සිල්වා ජය ගත්තේ තත්පර 12.11 කටය. එහි මූලික වටයට සහභාගි වූ සුජානි බුද්ධිකා අවසන් තරගයට ඉදිරිපත් නොවූවාය.
උසපැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර දිගින් දිගටම අසාර්ථක වුවත් තේරීම් තරගාවලියේදී මීටර 2.21 ක දක්ෂතාවයක් පෙන්වීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.