Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(වත්තල - ස්ටැනිස්ලස් පයස්)
ජාතික පාසල් ක්‍රීඩා උළෙලට (2024) සමගාමීව පැවති සමස්ත ලංකා පාසල් වයස 17 න් පහළ සහ 20 න් පහළ බාලිකා පැසිපන්දු තරගාවලියේ ශූරතාවයන් දෙකම දිනාගැනීමට බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කණ්ඩායම් සමත් විය.
වයස 17 පහළ අවසන් මහා තරගයේදී ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය ලකුණු 60 - 38 කින් යාපනය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයත්, වයස 20 න් පහළ අවසන් මහා තරගයේදී ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය ලකුණු 60 - 34 කින් නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහලත් පරාජයට පත් කිරීම විශේෂත්වයකි.
වයස 17 න් පහළ කණ්ඩායම කොළඹ සුජාතා 34 - 12 කින්, රත්නපුර සුමන බාලිකා 33 - 14 කින් සහ මහනුවර හිල්වුඩ් බාලිකා 41 - 29 කින් පරාජය කර අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.
වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම මඩකලපුව මහජන බාලිකා 41- 14 කින්, යාපනය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය ලකුණු 38 -09 කින් සහ මහනුවර මහාමායා 51 -21 කින් පරාජය කර අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.
රන්දිම සූරියආරච්චි සහ ෂේන් ඩැනියල් යන මහත්වරුන් පුහුණුකරුවන් ලෙසත්, රන්දිමා ජයසිංහ මහත්මිය කණ්ඩායම් භාර ආචාරිණිය ලෙසත් කටයුතු කරති.
17න් පහළ පැසිපන්දු කණ්ඩායම
20න් පහළ පැසිපන්දු කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.