Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයන්ගේ ලීගය අවිනිශ්චිත තත්ත්වයක

ශූරයන්ගේ ලීගය අවිනිශ්චිත තත්ත්වයක

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශූරයන්ගේ පාපන්දු ලීග් තරගාවලියේ (2021-22) ආරම්භය රටේ පවතින වත්මන් අර්බුදකාරි තත්ත්වය හමුවේ අවිනිශ්චිත ස්වරූපයක් ගෙන ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තරගාවලිය ලබන සෙනසුරාදා (9) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

කොළඹ සුගතදාස පිටියේදී හා රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී එහි තරග පැවැත්වීමට ඒ වනවිට සැළසුම් කර තිබුණි.  අවසන්වරට පැවති 2018 තරගාවලියෙන් 10 වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් ශ්‍රී ලංකා පාපන්දු අළුතෙන් හඳුන්වාදුන් ලංකා ලිග් තරගාවලියට ඇතුළත් කර ගත් බැවින් මෙවර ශූරයන්ගේ ලීග් තරඟාවලියට නිර්දේශ ලබන්නේ එතැන් සිට 18 වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් හැරෙන්නට පළමු පෙළ හා දෙවැනි පෙළ තරගාවලි මුල් ස්ථාන අත්කරගත් කණ්ඩායම්ය.

ඒ අනුව කණ්ඩායම් උපරිම 18 කින් සමන්විත තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. කෙසේ වුවත් ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ‘ශ්‍රී ලංකා පාපන්දු’ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් තරගාවලිය ප්‍රමාද කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවයි.

පාපන්දු  ආයතන සභාතිවරයා මේ දිනවල සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටියි.

2018 ශූරයන්ගේ ලීග් ශූරතාවලිය දිනාගත් ‘ඩිෆෙන්ඩර්ය’ (යුදහමුදා) කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 10ක් ලංකා ලීග් තරගාලියට නිර්දේශ ලබා ගත්හ.


අදහස් (0)

ශූරයන්ගේ ලීගය අවිනිශ්චිත තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.