Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට එම්ජේ පුද්ගලික සමාගමේ ප්‍රසාද් ද සිල්වාත්, විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරත් සමත් වූහ.
පිරිමි අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ ජනිත් බටුගෙදර පරාජය කරමින් ප්‍රසාද් තරගාවලියේ එම ශූරතාවට හිමිකම් කීවේය. බිමන්දි ඊට හිමිකම් කීවේ කාන්තා අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ලෙසන්‍යා සිතුම්දි පරාජය කරමිනි.
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගල්ල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 3 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ. හිරුජය ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතර ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති රහල් අබේරත්න, හිරුජය ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී සමන් රත්නායක යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.
විවෘත පිරිමි
ප්‍රසාද් ද සිල්වා (එම්ජේ පුද්ගලික සමාගම) විසින් තරග වට 3-2 ක් ලෙස ජනිත බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (12/10, 06/11, 08/11, 11/05, 11/07)
විවෘත කාන්තා
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් බාලික විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ලෙසන්‍යා සිතුම්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/08, 9/11, 11/08)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.