Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂර්මා අද 200 වැනි තරගයට

ෂර්මා අද 200 වැනි තරගයට

editorial - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ෂර්මා, දිල්ලි කැපිටල් පිලට එරෙහිව අද (10 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයේදී 200 වැනි අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කිරීමට සුදානමින් පසුවන්නේය. අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ තරග 200 ක් ක්‍රීඩා කළ 2 වැනි ක්‍රීඩකයා ලෙස රෝහිත් ෂර්මා ඉතිහාස ගත වන අතර මින් පෙර මෙවර තරගාවලියේදීම චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි තරග 200 ක් ක්‍රීඩාකළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට ගියේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ඩෙකෑන් චාජර්ස් පිල නියෝජනය කළ ෂර්මා 2011 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි. එදා සිට මේ දක්වා මුම්බායි පිල නියෝජනය කළ ෂර්මා 2013 වසරේ සිට එහි නායකයා ලෙස කටයුතු කළේය.

ඔහු නායකත්වයට පත්වූ 2013 වසරේදී මුම්බායි පිලට ශූරතාව දිනාදුන් ෂර්මා 2015, 2017 සහ 2019 වසර වලදීද මුම්බායි පිලට ශූරතාව දිනා දුන් අතර මේ වසරේදී අවසන් මහා තරගය දක්වා සිය කණ්ඩායම රැගෙන ආවේය.

මේ වන විට අයි.පී.එල්. තරග 199 කදී ලකුණු 5162 ක් රැස්කර ගැනීමට රෝහිත් ෂර්මා සමත්වී ඇති අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක 38 ක් ඇතුළත් වේ. කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව 2012 වසරේදී ඔහු ශතකය ලබාගෙන ඇත.

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ ෂර්මා සිටී. විරාට් කෝලි (5878), සුරේෂ් රයිනා (5368), ඬේවිඞ් වෝනර් (5254) සහ ශිකාර් ධවාන් (5182) ඔහුට ඉදිරියෙන් සිටිති.
 
- 2079

 


අදහස් (0)

ෂර්මා අද 200 වැනි තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.