Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂාමල් - නිශාංගන් අවසන් තරගයේ

ෂාමල් - නිශාංගන් අවසන් තරගයේ

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 18 පහළ පිරිමි අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ෂාමල් දිසානායක සහ නිශාංගන් නඩරාජා අද (12 වැනිදා) සමත් වූහ.

අද උදෑසන පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස අරිත වීරසිංහ පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ෂාමල් දිසානායක, පසුගිය වසරේද කණිෂ්ඨ අංශයේ ශුරතාවක් දිනාගත් කී‍්‍රඩකයෙකි.

නිශාංගන් නඩරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 1 ලෙස ධනුෂ්ක අබේවර්ධන පරාජයට පත්කරමිනි.

 

වයස 18 පහළ පිරිමි අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • ෂාමල් දිසානායක විසින් තරග වට 2 - 0 ක් ලෙස අරිත වීරසිංහ පරාජය කරනු ලැබීය. (6/3, 6/2)
  • නිශාංගන් නඩරාජා විසින් තරග වට 2 - 1 ලෙස ධනුෂ්ක අබේවර්ධන පරාජය කරනු ලැබීය. (6/1, 6/7, 7/6)

 

වයස 18 පහළ පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • ෂාමල් දිසානායක විසින් තරග වට 2 - 0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරනු ලැබීය. (6/2, 6/1)
  • අරිත වීරසිංහ විසින් තරග වට 2 - 1 ක් ලෙස අවිශ්ක පෙරේරා පරාජය කරනු ලැබීය. (3/6, 6/4, 6/2)
  • ධනුෂ්ක අබේවර්ධන විසින් තරග වට 2 - 0 ක් ලෙස ජෙෂුවා මොරායස් පරාජය කරනු ලැබීය. (6/1, 6/0)
  • නිශාංගන් නඩරාජා විසින් තරග වට 2 - 0 ක් ලෙස සුපුන් පතිරාජ පරාජය කරනු ලැබීය. (6/2, 6/1)

 


අදහස් (0)

ෂාමල් - නිශාංගන් අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.