Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.
පාදුක්ක සිරි පියරතන, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ ශාන්ත පීතර සහ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ වලදී අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණි.
යාපනය මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායම පරාජයට පත්කිරීමට පිළිවෙලින් පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම් සමත්විය.
කාවින්ද ඉසිවර (සිරි පියරතන), දිදුල පිරීස් (ශා.සෙබස්තියන්), තිලාන් මධුබාෂ් (තක්ෂිලා), අනුක් පලිහවඩන (සා.තෝමස්) සහ තිෂක්ය ආරියරත්න (රාජකීය) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
සිරි පියරතන විද්‍යාලයට කඩුලු 2 ක ජයක්
යාපනය ම.ම. විද්‍යාලය - ඕවර 44 කදී සියලුදෙනා දැවී 162
(ටී.ලියුතියන් 38, ඩී.එන්සුජාන් 36, ඒ.ගොව්සියලු 23, දිනේෂ් දීමන්ත 45/3, කාවින්ද ඉසිවර 26/2, මදුශාන් පිරීස් 3042)
සිරි පියරතන ම.ම. විද්‍යාලය - ඕවර 31.5 කදී කඩුලු 8 ක් දැවී 166
(කාවින්ද ඉසිවර 69, කේසර ජයවර්ධන 24, රසිඳු හංසක 21, කේ.ඉලරාසන් 39/3, ටී.විතුෂාන් 35/2)
තක්ෂිලා විදුහලට කඩුලු 7 ක ජයක්
ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 202
(දිදුල පිරීස් 52, ශේන් ප්‍රනාන්දු 31, ශකිල පෙරේරා 40, තිසර සචින්තන 39/3, සහන් ගයන්ත 31/3)
තක්ෂිලා විද්‍යාලය - ඕවර 45 කදී කඩුලු 3 ක් දැවී 203
(තිලාන් මධුබාෂ් 66, මෙනුක මනෙත් 41, සසංක අදීප 40, විදූෂ යසින්ත නොදැවී 22, අශාන් ප්‍රනාන්දු 40/2)
සා.තෝමස් විදුහලට ලකුණු 62 ක ජයක්
සා.තෝමස් විදුහල - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 205
(අනුක් පලිහවඩන 67, විනෙත් බණ්ඩාරනායක 42, දුලිත් පෙරේරා 26, භාතිය ගුණතිලක 23, අනුද සත්සර 36/3, සයුර සිල්වා 29/2, ශාර්ම් ප්‍රනාන්දු 40/2, ජේසන් හාර්ඩින්ග් 46/2)
ශා.පීතර විදුහල - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී 143
(ලිෂේන් රොඞ්රිගූ 43, මයුර සමරවික්‍රම 21, ඉන්දුනෙත් ප්‍රනාන්දු 49/5, තවීෂ රණසිංහ 19/2, අනුක් පලිහවඩන 20/2)
කොළඹ රාජකීයයන්ට ලකුණු 111 ක ජයක්
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 245
(තිෂක්ය ආරියරත්න 64, සුනෙර රත්නායක 46, සොනාල් අමරසේකර 44, පූමාල් විමලසූරිය 36/3, පැතුම් කවේජූ 62/3)
නාලන්ද විදුහල - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී 134
(පැතුම් කවේජූ 23, දිනුර විජේසිංහ 21, අබුදුල්ලා කලීත් 34/4, සොනාල් අමරසේකර 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.