Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී ඊයේ (31) පැවැති තරගයේදී සිම්බාබ්වේ පිල කඩුලූ 3 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් වසර 31 කට පසුව ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව එක්දින ජයක් ලැබීය.
සිම්බාබ්වේ සහ ඕස්ටේ‍්‍රලියාව අතර පළමු එක්දින තරගය වන 1983 වසරේ ජූනි මස 9 වැනිදා නොටිහැම්හිදී පැවැති තරගයේදී සිම්මාබ්වේ පිල ලකුණු 13 කින් ජය ලැබීමෙන් පසුව ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ජය ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
එහිදී සිම්බාබ්වේ පිලේ නායකයා ලෙස ඩන්කන් ෆ්ලෙචර් ද, ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයා ලෙස කිම් හියුස් ද කටයුතු කළහ.
ඕස්ටේ‍්‍රලියාව එක්දින ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ 10 වැනි ස්ථානයේ පසු වෙයි.
ලකුණු 210 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායමින් සිටි සිම්බාබ්වේ පිලේ පළමු කඩුලූ 7 ලකුණු 156 කට බිද වැටීමෙන් පසු නායක එල්ටන් චිකුම්බුරා (නොදැවී 52) සහ ප්‍රොස්පේ උට්සෙයා (නොදැවී 30) අටවැනි කඩුල්ලට පන්දු 56 කදී ලකුණු 55 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැුගෙන ඒමට සමත් වූහ.
එල්ටන් චිකුම්බුරා පන්දු 68 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත් විය. තුන් ඉරියව් දස්කම් දැක්වූ ප්‍රොස්පේ උට්සෙයා පන්දු 28 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබා ගත්තේය.
මෙම තරගයට ඕස්ටේ‍්‍රලියානු පිලේ සියලූම ප‍්‍රබල ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කළ අතර නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 68 ක් රැස් කළේය.
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 209 (ඒරන් ෆින්ච් 11, පිලිප් හියුස් 10, මයිකල් ක්ලාක් නොදැවී 68, ග්ලේන් මැක්ස්වෙල් 13, මිචෙල් මාෂ් 15, බ‍්‍රැඞ් හැඩින් 49, ක්‍රෙග් කටින් 26, ප්‍රොස්පේ උට්සෙයා 45/2, ඩොනල්ඞ් ටිරිපානෝ 34/2, සියන් විලියම් 21/2)
සිම්බාබ්වේ පිල ඕවර 48 කදී කඩුලූ 7 ට 211 (ටීනෝ මවොයෝ 15, සිකන්ඩර් රාෂා 22, හැමිල්ටන් මැසකඞ්ෂා 18, බ්‍රෙන්ඩන් ටේලර් 32, මැල්කම් වොලර් 11, එල්ටන් චිකම්බුරා නොදැවී 52, ප්‍රොස්පේ උට්සෙයා නොදැවී 30, නේතන් ලියොන් 44/4, මිචෙල් ස්ටාක් 41/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.