Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සියැට් කණ්ඩායමට ජයග‍්‍රහණ 8 ක්

සියැට් කණ්ඩායමට ජයග‍්‍රහණ 8 ක්

ශනුක අරවින්ද - 2014 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුකුරුන්ද රොදර්හැම් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ කණ්ඩායම් ශුරතාව සහ දක්ෂතම රියැදුරා සම්මානය ඇතුළු ජයග‍්‍රාහී ස්ථාන අටක් දිනාගැනීමට සියැට් කණ්ඩායම සමත්විය. තරගාවලියේ ප‍්‍රධානම මෝටර් රථ කාණ්ඩය වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500) මෝටර් රථ තරග දෙකෙන්ම ජය ලැබූ සියැට් කණ්ඩායමේ පසිඳු පීරිස් දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගත්තේය.

සියැට් කණ්ඩායම් පසිඳුගේ අනෙක් සගයා වූ උෂාන් පෙරේරා, පළමු තරගයේ පස්වැනි ස්ථානයට පත්විය. ඒ අනුව මෙම තරගාවලියේ මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය දිනාගැනීමට සියැට් කණ්ඩායම සමත්විය.

ශෂික ලක්මාල් විජේරත්න, මිනි 7 මෝටර් රථ තරගයේ ජයග‍්‍රාහකයා වූ අතර එස්. එල්. එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600) තරග දෙකේදීම තුන්වන ස්ථානය දිනා ගත්තේය.

සියැට් දෙවැනි කණ්ඩායමේ සාමාජිකයන් වන උපුල්වන් සේරසිංහ සහ ජනක ඩයස් දෙදෙනා අතරින් ජනක ඩයස්, මෙම තරග දෙකේදී පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පත්විය.  මෙම ජයග‍්‍රහණ සමගින් මෙවර රොදර්හැම් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී සියැට් කණ්ඩායමට ප‍්‍රථම ස්ථාන තුනක්, තෙවැනි ස්ථාන දෙකක්, සිව්වැනි ස්ථානයක් සහ පස්වැනි ස්ථාන දෙකක් හිමිවිය.

ජයග‍්‍රාහී සියැට් කණ්ඩායමේ රියැදුරෝ (වමේ සිට) ශෂික ලක්මාල් විජේරත්න, උෂාන් පෙරේරා, පසිඳු පීරිස් සහ ජනක ඩයස්

-036

 


අදහස් (0)

සියැට් කණ්ඩායමට ජයග‍්‍රහණ 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.