Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (15 වැනිදා) තරගය නතර කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 449 ක ඉලක්කයක් හඹායමින් සිටි සිම්බාබ්වේ පිල කඩුල්ලක් දැවී ලකුණු 71 ක් ලබාසිටියේය.
ඒ අනුව තරගය ජය ගැනීමට නම් හෙට දිනයේදී ඔවුන් තවත් ලකුණු 378 ක් ලබාගත යුතු වන අතර ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට නම් තවත් කඩුලූ 9 ක් ආරක්ෂා කරගත යුතුවේ.
අද දිනයේදී තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි සිකන්දර් රාසා නොදැවී ලකුණු 43 ක් සහ හැමිල්ටන් මසකඞ්සා නොදැවී ලකුණු 26 ක් බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ලකුණු 129 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ බංගලාදේශ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ පිලට දුන්නේය. තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ සිව්වැනි ශතකය (නොදැවී 131) ලබාගැනීමට මොමිනුල් හක් සමත්වූ අතර හතරේ පහර 13 කින් ඔහු සිය ඉනිම අලංකාර කළේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට, සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 374 ක් පමණි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 503 ක් ලබාගත්තේය.
බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 503
(ටමීම් ඉක්බාල් 109, ඉම්රුල් කේයස් 130, මොමිනුල් හක් 48, මහමදුල්ලා 17, ශකීබ් අල් හසන් 71, මුෂ්ෆිකුර් රහීම් 15, ශුවගත හොම් 35, රුබෙල් හුසේන් නොදැවී 45, සිකන්දර් රාසා 123/3, ශින්ගි මසකඞ්සා 77/2, ටිනාෂේ පන්යන්ගාරා 70/2)
සිම්බාබ්වේ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 374
(සිකන්දර් රාසා 82, හැමිල්ටන් මසකඞ්සා 81, රේගිස් චකබ්වා 65, එල්ටන් චිගම්බූරා 88, රිච්මන්ඞ් මුටුම්බාමි 20, ජුබේර් හුසේන් 96/5, ශෆියුල් ඉස්ලාම් 50/2)
බංග්ලාදේශ පිල - දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 319
(ටමීම් ඉක්බාල් 65, මොමිනුල් හක් නොදැවී 131, මහමදුල්ලා 30, මුක්ෆිකුර් රහීම් 46, ටිනාෂේ පන්යන්ගාරා 31/2)
සිම්බාබ්වේ පිල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 71
(සිකන්දර් රාසා නොදැවී 43, හැමිල්ටන් මසකඞ්සා නොදැවී 26)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.