Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියැට්-ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි මාලාවේ පළමු තරගාවලිය වූ නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 16 කට හිමිකම් කීමට සියැට් කණ්ඩායම සමත් විය.
එම තරගවලියේ සියැට් ධාවක කණ්ඩායම ලබාගත් ජයග‍්‍රාහී ස්ථාන 16 න් 3 කට හිමිකම් කීමට උපුල්වන් සේරසිංහ සමත් වූ අතර ශෂික ලක්මාල් විජේරත්න, ජනක ඩයස්, උෂාන් පෙරේරා සහ ලලින් කිරින්ද මෝටර් රථ අංශයෙන්ද, ජාක්ස් ගුණවර්ධන යතුරුපැදි අංශයෙන්ද ජයග‍්‍රාහී ස්ථාන දෙක බැගින් හිමිකර ගත්හ.
උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, උෂාන් පෙරේරා, ශෂික ලක්මාල් විජේරත්න, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, දුමින්ද ජයසිංහ සහ ඉන්දු සමරකෝන් මෝටර් රථ අංශයෙන්ද, ජාක්ස් ගුණවර්ධන සහ සම්පත් කුමාර යතුරුපැදි අංශයෙන්ද මේ වසරේ සියැට් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.