Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිතාර, ශමින්ද ශතක ලබති

සිතාර, ශමින්ද ශතක ලබති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ඊයේ (09 වැනිදා)  පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.  තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රිච්මන්ඞ් විද්‍යාලය ලබාගත් ලකුණු 294 ට පිළිතුරු වශයෙන් සියලූ දෙනාම දැවී රාජකීය විද්‍යාලයට ලබාගත හැකිවූයේ ලකුණු 244 ක් පමණි. ශමින්ද ඩයස් පන්දු 255 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 117ක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැබීම නිසා පළමු ඉනිමේ පරාජයෙන් ගැලවීමට නොහැකි විය.

ඊයේ දිනය නිමාවනවිට රිච්මන්ඞ් විද්‍යාලය දෙවනි ඉනිමට කඩුලූ 1 ක් දැවී ලකුණු 62 ක් රැස්කරගෙන සිටියේය.

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම  ඕවර 76 කදී කඩුලූ 7 ක් දැවී 294
(සිතාර ගිම්හාන 122, සහන් සමරසිංහ 55, කැළුම් නානායක්කාර 40, කමිදු මෙන්ඩිස්  38, චාමික කරුණාරත්න 59/3)

රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 92.4 කදී සියලූ දෙනා දැවී 244                
(ශමින්ද ඩයස් 117, තිරාන් ධනපාල 43, හෂේන් රාමනායක 35, වරුණ දේශප‍්‍රිය 68/3, වනිඳු හසරංග 25/2)

රිච්මන්ඞ් විදුහල දෙවන ඉනිම  ඕවර 10 කදී කඩුලූ 1 ක් දැවී 62
(සිතාර ගිම්හාන 46)


අදහස් (0)

සිතාර, ශමින්ද ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.