Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරි කුරුසට පළමු ඉනිමේ ජයක්

සිරි කුරුසට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් පමණක් සැහීමකට පත්වන්නට අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ඊයේ (09 වැනිදා) අවසන්වු තරගයකදී  කළුතර සිරි කුරුස විද්‍යාලයට සිදුවිය. තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් සිරි කුරුස විද්‍යාලය ලකුණු 216 කට සියලූ දෙනාම දැවී ගිය අතර ශානක කුරේ අර්ධ ශතකයක් ලබා ගත්තේය. එම්. පීරීස් ලකුණු 49 කට කඩුලූ 4 ක් සහ අයි. කුරුවිට ලකුණු 79 කට කඩුලූ 3 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

නිර්මාල් ශානකගේ (35/5) දක්ෂ පන්දු යැවීම හමුවේ එස්.ද.එස්. ජයසිංහ ක‍්‍රීඩකයින් ලකුණු 158 කට සියලූ දෙනාම දැවී ගියේය.

පළමු ඉනිමට ලකුණු 58 ක් ඉදිරියෙන් සිටි සිරි කුරුස විද්‍යාලය දෙවන ඉනිමට ලකුණු 153 කට සියලූ දෙනාම දැවී ගියේ එස්.ද.එස්. ජයසිංහ විද්‍යාලයට ලකුණු 212 ක ඉලක්කයක් ලබා දෙමිනි.

ලකුණු 212 ක ඉලක්කයක් හඹා ගිය ජයසිංහ පිත්කරුවන්ට දිනය අවසාන වනවිට ලබා ගතහැකි වුයේ කඩුලූ 1 ක් දැවී ලකුණු 18 ක් පමණි.

සිරි කුරුස විදුහල පළමු ඉනිම  ඕවර 75.3 කදී සියලූ දෙනා දැවී 216

(ශානක කුරේ 73, පසිදු පෙරේරා 27, කළණ හරේන්ද්‍ර 26, සමින්ද රවිනාත් 23, නිර්මාල් ශානක නොදැවී 22, එම්. පීරීස් 49/4, අයි. කුරුවිට 79/3)

එස්.ද.එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම  ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 158

(අයි. කුරුවිට නොදැවී 40, එස්. ලක්රුවන් 37, එස්. සමීර 27, අයී. දර්ශණ 19, නිර්මාල් ශානක 35/5, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/3, මලින්ද ජයෝද් 28/2)

සිරි කුරුස විදුහල දෙවන ඉනිම  ඕවර 45 කදී සියලූ දෙනා දැවී 153

(ශාමල් මාළක නොදැවී 45, ශානක කුරේ 33, මලින්ද ජයෝද් 21, අයි. කුරුවිට 61/5, ඒ. සුපුන් 9/3, එම්. පීරීස් 52/3)

එස්.ද.එස්. ජයසිංහ විදුහල දෙවන ඉනිම  ඕවර 5 කදී කඩුලූ 1 ක් දැවී 18

 


අදහස් (0)

සිරි කුරුසට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.