Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිසු සිසුවියෝ 160 ක් වාරණය නොතකති

සිසු සිසුවියෝ 160 ක් වාරණය නොතකති

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාරණයට ලක් කර තිබූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ තේරීම් තරගාවලියට පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 160 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගිවූ බව වාර්තාවේ.

රුසියාවේදී ලබන ජුලි 5 වැනිදා ආරම්භවන ජාත්‍යන්තර ළමා කී‍්‍රඩා උළෙලට සහභාගි කරන ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම නිර්දේශ කිරීම සඳහා මලල කී‍්‍රඩා සංගමය දියගම මහින්ද රාජපක්ෂ පිටියේ කැඳවා තිබූ තේරීම් තරගාවලියට සිසුන් සහභාගි නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම්දී තිබුණි.

පාසල් සිසු සිසුවියන් සහභාගිවන කී‍්‍රඩා තරගාවලිවලට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතු යයි දැක්වෙන නියමයට අනුව එම දැනුම්දීම කර තිබූ බවද වාර්තාවේ.

කෙසේ වුවත් දියගමදී පැවැති තේරීම් තරගාවලිය යොදා ගත් පරිදිම පැවැත්වූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය රුසියානු ළමා කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ කෙරෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක නාම ලේඛනයක් මේ වනවිටත් ජාතික ඔලිම්පික් කමිටුවට භාරදීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම නිර්දේශ කිරීමේ හිමිකම ඇත්තේ තමන්ට බව ප‍්‍රකාශ කර තිබූ ශ්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය මීට පෙර ඒ සඳහා දියගම මහින්ද රාජපක්ෂ පිටියේ කැඳවා තිබූ තේරීම් තරගාවලිය ආශ‍්‍රයෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමක් නිර්දේශකර ජාතික ඔලිම්පික් කමිටුවට භාරදීමට කටයුතු කර තිබිණ.

පසුගිය බදාදා (23) ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය කැඳවූ තේරීම් තරගාවලිය පැවැත්වීමේදී ඊට සහභාගිවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පාසල් සඳහන් නොකිරීමට තරග සංවිධායකයන් වගබලා ගත් බවද වාර්තාවේ. මේ අතර ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිර්දේශ කර එවූ මෙම ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතරින් රුසියානු තරග සංචාරයට සහභාගි කරන නීත්‍යානුකූල කණ්ඩායම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එම නාමලේඛන දෙකම ජාතික තේරීම් කමිටුව වෙත යොමු කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සැරැසෙන බවද වාර්තාවේ.

රුසියාවේ සකා ජනරජයේ යාකුට්ස් නගරයේදී ලබන ජුලි 5 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන හය වැනි ආසියානු ජාත්‍යන්තර ළමා කී‍්‍රඩා උළෙලට මලල කී‍්‍රඩා, පිහිනුම්, ජූඩෝ, ටයිකොන්ඩෝ හා චෙස් යන කී‍්‍රඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.


●●●

 


අදහස් (0)

සිසු සිසුවියෝ 160 ක් වාරණය නොතකති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.