Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 38 ක විශිෂ්ට ජයක් ලැබීමට නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විද්‍යාලය අද(3) සමත් විය. මෙම තරගය මිනුවන්ගොඩ ජාපාලවත්ත ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී සංඝබෝධි විද්‍යාලයේ කවිඳු උමයංග පළමු ඉනිමේදී ලකුණු 05 කට කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 29 කට කඩුලු 4ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 34 කට කඩුලු 7ක් බිඳහෙළීය. ඔහුට මලනා සහයක් ලබාදුන් සවිඳු එරංග පළමු ඉනිමේදී ලකුණු 24 කට කඩුලු 5ක් සහ පිත්තෙන් ලකුණු 22 ක් රැස් කරමින් තුන් ඉරියව් දක්ෂතා දැක්වීය.
ජනාධිපති විද්‍යාල පළමු ඉනිම - ඕවර 23.5 කදී සියලු දෙනා දැවී ලකුණු 72
(ඉෂාන් අනුරුද්ධික 20, සවිඳු එරංග 24/5, කවිඳු උමයංග 05/3, තිෂක්ය උද්දුල 18/2 )
ශ්‍රී සංඝබෝධි විද්‍යාල පළමු ඉනිම - ඕවර 38.5කදී කඩුලු 8කට ලකුණු 223
(හිරූෂ ලක්ෂාන් 46, කවිෂ්ක මල්ෂාන් 30, දුල්ෂාන් ලියනගේ 29, සවිඳු එරංග 22, නිසල් සිතුමිණ 65/3 )
ජනාධිපති විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 35 කදී සියලු දෙනා දැවී ලකුණු 113
(විශ්වජිත් බණ්ඩාර 40, හිරුද ලක්ෂාන් 11/4, කවිදු උමයංග 29/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.