Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර රායිපූර්හිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි.
තරගයේ අවසන් පන්දුව දක්වාම කඩුල්ලේ රැදී සිටි කේදර් ජාදව් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 63 ක් රැස්කිරීමට සමත්වුවද දිල්ලි පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ක්වින්ටින් ඩිකොක්, පන්දු 31 කදී අර්ධ ශතකයක් (50) ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි. පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තේය.
එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මොයිසස් හෙන්රික්ස්, පන්දු 46 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කළේය.
රවී බොපාරා (නොදැවී 17) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 64 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සන්රයිසස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද හෙන්රික්ස් සමත් විය.
කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට 163
(ඬේවිඞ් වෝනර් 17, මොයිසස් හෙන්රික්ස් නොදැවී 74, ඔයින් මෝගන් 22, කරන් ශර්මා 16, රවී බොපාරා නොදැවී 17, නේදන් කූල්ටර්නයිල් 25/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට 157
(ක්වින්ටින් ඩිකොක් 50, කේදර් ජාදව් 63, සෞරබ් තිවාරි නොදැවී 26, කරන් ශර්මා 12/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.