Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට අයැදුම්පත් කැඳවයි

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබුද්ධි සාහිත්‍ය කවය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල” ලබන දෙසැම්බර් මස 2 වැනිදා පස්වරු 2.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙරට ක්‍රීඩා සාහිත්‍යයට කරනු ලබන සේවාවන් වෙනුවෙන් මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා යන කාණ්ඩ තුනටම අදාළව සම්මාන පිරිනැමීමට මෙවර කටයුතු කෙරේ. ඒ අනුව 2021 ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2022 සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලසීමාවට අදාළව ප්‍රකාශයට පත්කරන ලද ක්‍රීඩා සාහිත්‍ය නිර්මාණ මෙම සම්මාන උළෙල සඳහා සලකා බැලෙනු ඇත.

 ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන්ම සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව පැවැත්වෙන එකම සම්මාන උළෙල මෙයයි. මෙම සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගි වේ.

පසුගිය වසරේ මෙන්ම මුද්‍රිත සහ විද්‍යුත් ක්ෂේත්‍රය තුළ කරන ලද නිර්මාණවලට අමතරව වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය, වසරේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ කෘතිය යන අංශ හතරට අදාළව ද සම්මාන පිරිනැමෙනු ඇත.

තව ද මෙම වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ කෘතිය පිළිබඳව සලකා බැලීමේදී මෙරට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳව සකස් කරන ලද ප්‍රකාශන මෙම සම්මාන ඝනයට අයත් වේ. එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන් උදෙසා මෙතෙක් මෙරට තුළදී සම්මාන පිරිනමනු ලබන ප්‍රථම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල මෙය වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 2 වැනිදා පස්වරු 3.00 සිට පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩා සාහිත්‍යමය වශයෙන් ඇගයීමට ලක්කරන තවත් අංශ දොළහක් ද ඇගයීමට ලක් කෙරේ.

සම්මානලාභීන් තෝරා ගැනෙන බුද්ධි මණ්ඩලයේ  සභාපතිත්වය ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් දරනු ලබයි. ආචාර්ය හර්ෂ බී. අබේකෝන් (සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව), සුනිල් ජයවීර (හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් - ක්‍රීඩා), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාමලී සුරවීර (පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය - කැලණිය විශ්වවිද්‍යාලය) සහ කථිකාචාර්ය ෆාතිමා ශානාස් (සිංහල අධ්‍යයන අංශයේ ජනමාධ්‍ය ඒකකය - කොළඹ විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීහු මෙම බුද්ධි මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

එබැවින් උක්ත කාලසීමාවට අදාළ  ක්‍රීඩා සාහිත්‍ය නිර්මාණ ලබන ඔක්තෝබර් මස 10 වැනි දිනට ප්‍රථම කොළඹ-7 ටොරින්ටන් පෙදෙසේ පිහිටි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ කාර්යාලය වෙත ලැබීමට සැලැස්විය යුතුය. වැඩි විස්තර  සඳහා දුරකතන අංක  0714 201661, 0707- 557667 හෝ 0773-557667 ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

- 223


අදහස් (0)

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.