Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉසව් රැසක් මහනුවරදී

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉසව් රැසක් මහනුවරදී

editorial - 2024 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම  වසරට නියමිත (2024) සමස්ත  ලංකා පාසල්  මලල ක්‍රීඩා  උළෙලේ  ඉතිරිව තිබෙන තවත් ක්‍රීඩා ඉසව් 22 ක් සෙනසුරාදා (5) සිට ආරම්භ වේ.නව තරග සැලැස්මට අනුව  වොලිබෝල්  හා ත්‍රෝබෝල්  තරගමාලා පැවැත්වෙන දින පමණක් සංශෝධනය කෙරී ඇතැයි  අධ්‍යාපන  අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා)  උපාලි අමරතුංග මහතා පවසයි.

මේ වන විට ක්‍රීඩා  ඉසව් 10 ක් පවත්වා අවසන් කර තිබෙන අතර මෙවර සමස්ත ක්‍රීඩා  උළෙල සදහා අධ්‍යාපන  අමාතාංශය  රුපියල්  මිලියන  35 ක ප්‍රතිපාදන  වෙන් කර තිබේ.කෙසේවූවත්  ඔක්තෝබර් 18 වැනිදා  ආරම්භ කරන මලල ක්‍රීඩා  තරගාවලිය සදහා තවත් රුපියල්  මිලියන  හතක් පමණ වන වියදමක හිගයක් පවතින බවද වාර්තාවේ.

අධ්‍යාපන  අමාත්‍යාංශයට අළුතින් පත්ව ආ    අධ්‍යක්ෂ  (ක්‍රීඩා හා ශාරීරික  අධ්‍යාපන) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණයෙන් මෙවර ක්‍රීඩා උළෙල  සංවිධානය  කෙරේ.

 

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා  උළෙලේ (2024) පැවැත්වීමට නියමිත ඉතිරි ක්‍රීඩා  ඉසව්

• එල්ලේ - ඔක්: 5 - 6 -7 : -ත්‍රිකුණාමලය මැක්ස් හේසර් පිටියේදී.

• මැරතන් (අර්ධ) - ඔක්: 5 : - දඹුල්ල නගරයේදී

• පාපැදි  - ඔක්: 6 : - අනුරාධපුරය නගරයේදී

*ක්‍රිකට් ( ලෙදර් පන්දු)  : -අනුරාධපුරය නගරයේ ක්‍රීඩාංගණ කීපයකදී

• කබඩි - ඔක්: 4 සිට 6 වැනිදා දක්වා : -කෑගල්ල බාලිකා හා කෑගල්ල ශාන්ත  ජෝශප් බාලිකා යන ක්‍රීඩාංගණ වලදී

• රග්බි - ඔක්: 5 - 6 - 7 : - මහනුවර ත්‍රිත්ව  - පල්ලේකැලේ රග්බි හා නිත්තවෙල යන පිටිවලදී

• වුෂූ - ඔක්: 5 - 6 - 7 : -දීගන ක්‍රීඩාංගණයේදී

• ඇරබික් (ශාරීරික  අභ්‍යාස) - ඔක්: 5 - 6 - 7 :- බන්ඩාරවෙල ගෘහස්ථ පිටියේදී

• හෑන්ඩ්බෝල් - ඔක්: 5 - 6 - 7 - : වීරකැටිය රාජපක්ෂ  මධ්‍ය මහ විදුහල් පිටියේදී

• හොකී  - ඔක්: 5 - 6 - 7 :-අස්ගිරිය ශාන්ත  අන්තෝනි  බාලිකා හා මහනුවර ශාන්ත අන්තෝනි යන විදුහල් ක්‍රීඩාංගණ වලදී

• වොලිබෝල් - ඔක්: 13 සිට 16 වැනිදා  දක්වා බදුල්ල පාපන්දු  පිටියේදී

• කැරම් - ඔක්: 7 - 8 -9 : - මහනුවර සිල්වෙස්තර විදුහලේදී

• මේසපන්දු - ඔක්: 12 - 13 - 14 : -ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ පිටියේදී

• පැසිපන්දු  - ඔක් : 10 සිට 14 වැනිදා  දක්වා කොළඹදී

• චෙස් - ඔක් : 12 - 23 -14 : - මාලබේ රාහුල බාලිකා විදුහල් පිටියේදී

• කරාටේ - ඔක්: 12 - 13 - 14 : - කිලිනොච්චිය ගෘහස්ථ පිටියේදී

• පාපන්දු - ඔක්: 11 සිට 14 වැනිදා  දක්වා : - අනුරාධපුරය නගරයේ ක්‍රීඩාංගණ කීපයකදී

• ත්‍රෝබෝල්  - ඔක්: 7 - 8 - 9: -බදුල්ල පාපන්දු  පිටියේදී

• මලල  ක්‍රීඩා - ඔක්: 18 සිට 22 වැනිදා දක්වා : -කොළඹ සුගතදාස  පිටියේදී

• වෙරළ වොලිබෝල් - ඔක්: 24 - 25 -26  මීගමුව වෙරළ  තීරයේදී

• බැඩ්මින්ටන් - ඔක්: 28 - 29 - 30 කොළඹ රාජකීය හා බොරැල්ල  ඩී. එස්.සේනානායක  යන විදුහල් ගෘහස්ථ පිටිවලදී

• බොක්සිං - ඔක්: 27 සිට 31 වැනිදා දක්වා :- කොළඹ  රාජකීය විදුහලේදී

• ටෙනිස් - නොවැම්බර් පළමු සතියේ දිනවලදී කොළඹ  ග්‍රීන්පාත් ටෙනිස් සංගම් මූලස්ථාන සංකීර්ණයේදී.


අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉසව් රැසක් මහනුවරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.