Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 31 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ පළමු අදිරය අද (12) ආරම්භ විය. පළමු අදියර යටතේ කණ්ඩායම් ක‍්‍රීඩා 9 ක් පැවැත්වෙන අතර ඒවායින් ක‍්‍රීඩා අටක් අද ආරම්භ විය. අතර අර්ධ මැරතන් තරග හෙට අනුරාධපුරයේදී පැවැත්වේ.
පළමු අදියර යටතේ අර්ධ මැරතන්, බැඞ්මින්ටන්, බොක්සිං, කබඩි, එල්ලේ, හොකී, මල්ලවපොර, දැල්පන්දු සහ කරාටේ යන ක‍්‍රීඩා පැවැත්වේ.
මෙවර තරගාවලියට පාසල් 294 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 2,780 ක් ද පාසල් 246 කින් ක‍්‍රීඩිකාවන් 3,015 ක් ද සහභාගි වන බව අධ්‍යාපන අමාතංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සහ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතා පැවසුවේ මෙවර ක‍්‍රීඩා උළෙලට නව ක‍්‍රීඩාවක් ලෙස ටයිකොන්ඩෝ ක‍්‍රීඩාව ඇතුළත්කර ඇති බවයි.
සමස්ත ලංකා ක‍්‍රීඩා උළෙල අදියර හතරක් යටතේ ක‍්‍රියාත්මක වන අතර ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය අවසන් අදියර ලෙස පැවැත්වේ. මලල ක‍්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ද, සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 12 වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද, පැවැත්වීමට නියමිතය.
පළමු අදියර කාලටහන
ක‍්‍රීඩාව | ස්ථානය | දිනය |
අර්ධ මැරතන් | අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය | සැප්. 13 |
බැඞ්මින්ටන් | ගල්කිස්ස සාන්ත තෝමස් ක‍්‍රීඩාංගණය | සැප්. 12 සහ 13 |
බොක්සිං | කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණය | සැප්. 12, 13 සහ 14 |
කබඩි | කින්නියා අබ්දුල් වජීඞ් විදුහල | සැප්. 12, 13 සහ 14 |
එල්ලේ | අඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගණය | සැප්. 12, 13 සහ 14 |
හොකී | කොළඹ කෘත‍්‍රිම සහ සිරිමාවෝ හොකී ක‍්‍රීඩාංගණ | සැප්. 12, 13 සහ 14 |
මල්ලවපොර | කොළඹ අශෝක විදුහල | සැප්. 12, 13 සහ 14 |
දැල්පන්දු | වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨය | සැප්. 12, 13 සහ 14 |
කරාටේ | කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහල | සැප්. 12, 13 සහ 14 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.