Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන ඇඩම් සැම්පා සහ කේන් රිචඩ්සන් පෞද්ගලික හේතු දක්වමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නිවේදනයක් නිකුත් කර ඇත.
පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ඉන්දීය රුපියල් කෝටි 1.5 කට මිලදී ගත් අතර, ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී වේග පන්දු යවන රිචඩ්සන් මිලදී ගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ඉන්දීය රුපියල් කෝටි 4 ක් වියදම් විය.
“ඇඩම් සම්පා සහ කේන් රිචඩ්සන් පෞද්ගලික හේතූන් මත ඕස්ට්‍රේලියාවට ආපසු යන අතර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සඳහා ඔවුන් එක් නොවනු ඇත. අපට හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.