Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සම්මු අෂාන්ගේ (නොදැවී 41 සහ 21/4) තුන් ඉරියව් දස්කම් හමුවේ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ පී.සරා ඕවල්හිදී අද (10 වැනිදා) පැවැති තරගයකදී කඩලු 8 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සීපිල ඕවර 16 කදී කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර ගියේය.
නිපුන් ධනංජය පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබාගත් අතර සම්මු අෂාන් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් ලබාගනිමින් එස්.එස්.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
තෙවැනි කඩුල්ල සඳහා පන්දු 57 කදී ලකුණු 76 ක නොබිදුණු සම්බන්දතාවක් පැවැත්වීමටද නිපුන් ධනංජය සහ සම්මු අෂාන් සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී පිලට ඕවර 18.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.
නායක අශාන් ප්‍රියංජන් පන්දු 36 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් සහ නිමේෂ ගුණසිංහ පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 36 ක් ලබාගැනීමට සමත්වූහ. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
සම්මු අෂාන් සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 4 ක් ද, කළණ පෙරේරා ලකුණු 17 කට කඩුලු 3 ක් සහ කේෂාන් විජේරත්න ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් සී.සී.සී පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සිමා කිරීමට සමත්වූහ.
තවත් තරග 5 ක් අද පැවැති අතර එහිදී සෙබස්තිනයිට්ස්, කෝල්ට්ස්, බී.ආර්.සී, ද්‍රවිඩ සංගමය සහ රාගම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
සෙබස්තිනයිට්ස් පිලේ ශශ්‍රීක පුස්සේගොල්ල, ද්‍රවිඩ සංගම් පිලේ සදීර සමරවික්‍රම, රාගම පිලේ සමින්ද ප්‍රනාන්දු සහ එන්.සී.සී පිලේ කවින් බණ්ඩාර අර්ධ ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එස්.එස්.සී පිලට කඩුලු 8 ක ජයක්
සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
සී.සී.සී - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී 118
(අෂාන් ප්‍රියංජන් 48, නිමේෂ ගුණසිංහ 36, සම්මු අෂාන් 21/4, කළණ පෙරේරා 17/3, කේෂාන් විජේරත්න 18/2)
එස්.එස්.සී - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී 122
(නිපුන් ධනංජය නොදැවී 44, සම්මු අෂාන් නොදැවී 41)
සෙබස්තිනයිට්ස් පිලට කඩුලු 7 ක ජයක්
පොලිස් සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
පොලිස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 148
(දිල්හාර පොල්ගම්පොල 22, නදීර බාලසූරිය 33, චතුරංග කුමාර 23, තරිඳු රත්නායක 18/4, සචිත ජයතිලක 22/2)
සෙබස්තිනයිට්ස් - ඕවර 17.5 කදී කඩුලු 3 ක් දැවී 150
(සාචා ද අල්විස් 41, ශශ්‍රීක පුස්සේගොල්ල 78)
කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක්
මහනුවර කස්ටම්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් - ඕවර 13.5 කදී සියලුදෙනා දැවී 85
(සසිත් මනුරංග 33, චමෝද් බට්ටගේ 12/3, මුදිත ලක්ෂාන් 10/2, මොහොමඞ් ශිරාස් 11/2, අකිල ධනංජය 34/2)
කෝල්ට්ස් - ඕවර 10.2 කදී කඩුලු 4 ක් දැවී 89
(සංගීත් කුරේ නොදැවී 39, තිමිර මල්ෂාන් 23/2)
බී.ආර්.සී පිලට කඩුලු 8 ක ජයක්
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - ඕවර 18.2 කදී සියලුදෙනා දැවී 98
(හරිඳු ජයසේකර 30, කවිඳු දිල්හාර 25, දුවිඳු තිලකරත්න 12/3, මල්ක මදුෂන්ක 08/2)
බී.ආර්.සී - ඕවර 16.1 කදී කඩුලු 2 ක් දැවී 99
(තිලකරත්න සම්පත් 43, ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 27, අවිඳු තීක්ෂණ 18/2)
ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 6 ක ජයක්
මීගමුව සහ ද්‍රවිඩ සංගම් පිල අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
මීගමුව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 137
(ඩිල්ෂාන් මුණවීර 42, අමෝද විදාණපතිරන නොදැවී 38, දිලුම් සුධීර 24/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී 142
(සදීර සමරවික්‍රම නොදැවී 52, සුපුන් කාවින්ද 25, රවිඳු ප්‍රනාන්දු නොදැවී 20, ඩිල්ෂාන් මුණවීර 28/2)
රාගම පිලට ලකුණක ජයක්
එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
රාගම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 162
(සමින්ද ප්‍රනාන්දු 72, ළහිරු දෙවටගේ 41, ඉෂාන් ජයරත්න නොදැවී 24, සචිදු කොළඹගේ 27/3)
එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 161
(ජොහෑන් ද සිල්වා 24, කවින් බණ්ඩාර 82, අහන් වික්‍රමසිංහ නොදැවී 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.