Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ ජූනි මාසයේ ස්වීඩනයේදී පැවැත්වීමට නියමිත ලෝක සවි එසවීමේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ආසියානු ශාන්තිකර කළාපීය සවි එසවීමේ ශූරතාවලිය හෙට (11 වැනිදා) සිට 18 වැනිදා දක්වා ඕස්ටේ්‍රලියාවේ ගෝල් කෝස්ට්හි නගරයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි. ඉකුත් වසරේ (2018) දෙසැම්බර් මාසයේ මොන්ගෝලියාවේදී පැවැති ආසියානු සවි එසවීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව ඔවුහු මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.
ආසියානු වාර්තා ලාභී රන්සිළු ජයතිලක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහුගේ පියා වන මෝතිලාල් ජයතිලක මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම
■ විවෘත ඉසව්ව සඳහා
රන්සිළු ජයතිලක (නායක), හිරාන් ප්‍රනාන්දු, ප්‍රදීප් කුමාර, මේරියන් ද සිල්වා, රන්ඳුනු ගීතිකා සහ දිල්රුක්ෂි කුමාරි
■ කනිෂ්ඨ ඉසව්ව සඳහා
විකුම් පෙරේරා සහ මිනෝලි ක්‍රිස්ටියන්
■ අනු කනිෂ්ඨ ඉසව්ව සඳහා
නුවේන්ද්‍ර ඇන්තනී සහ කාකෝල්‍යා සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.