Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සවිනි - ජනාලි කාන්තා යුගල ශූරතාව දිනති
ජාතික ටෙනිස් ශූරතාවලිය

සවිනි - ජනාලි කාන්තා යුගල ශූරතාව දිනති

editorial - 2021 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි සමත් වූහ. අවසන් මහ තරගයේදී තුවිනි ද සිල්වාට සහ නෙයාරා වීරවංශට එරෙහිව වට 2-0 ක (6/1, 6/2) ජයක් වාර්තා කරමින් සවිනි සහ ජනාලි එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගය අතරතුරදී ආබාධයක් හේතුවෙන් ඔනෙලි පෙරේරා සහ අංජලිකා කුරේරා තරගයෙන් ඉවත්වීම හේතුවෙන් තුවිනි ද සිල්වා සහ නෙයාරා වීරවංශ නිතරග ජයක් ලබා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස සාජිඩා රසීක් සහ සීනාත් සිහාර් පරාජය කරමිනි. එහිදී පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජය ලැබූ සවිනි සහ ජනාලි දෙවැනි වටය ජයගත්තේ ලකුණු 7/5 ක් ලෙසිනි.  

මෙම මස 10 වැනිදා ආරම්භ වූ ජාතික ටෙනිස් තරගාවලිය 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි දිනේෂ්කාන්තන් තංගරාජාට සහ යසිත ද සිල්වාට එරෙහිව චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න තරග වදින පිරිමි යුගල අවසන් මහ තරග අද (29 වැනිදා) පැවැත්වීමට නියමිය.


කාන්තා යුගල අවසන් මහ තරගය
සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි විසින් වට 2-0 ක් ලෙස තුවිනි ද සිල්වා සහ නෙයාරා වීරවංශ පරාජය කරන ලදි. (6/1, 6/2)

 


අදහස් (0)

සවිනි - ජනාලි කාන්තා යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.