Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් කටයුතු කරන මාවන් අතපත්තු සහ චමින්ද වාස් ඇතුළු සහාය පුහුණුකරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
වසරකට වැඩි කාලයක් තිස්සේ විස්සයි/20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය රඳවාගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින සහ ටෙස්ට් තරග සඳහාත් දැක්වූ දායකත්වය පිළිබඳ තක්සේරුවක යෙදුණු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විට සිවුවැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානු පිලට එරෙහිව මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය ජයගතහොත් එහි 3 වැනි ස්ථානය කරා පැමිණීමේ අවස්ථාව තිබේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග තුනකට පමණි. ඒ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නිහිදී සහ බංග්ලාදේශයට එරෙහිව ශී‍්‍ර ලංකාවේ පැවැති තරග දෙකකට පමණි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා මෙන්ම පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් මාවන් අතපත්තු කටයුතු කරන අතර වේග පන්දු යැවීමෙ පුහුණුකරුවා වශයෙන් චමින්ද වාස් කටයුතු කරයි. ඔවුන් දෙදෙනාට අමතරව සෙසු පුහුණුකරුවන්ගේද වැටුප් වැඩිකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් 2.79% ක් වැයකෙරෙන්නේ පුහුණු කටයුතු සඳහා බව කි‍්‍රකට් නිලධාරීහු කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.