Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා 7 සාමාජික පාපන්දු තරග ඉරිදා

සහිරා 7 සාමාජික පාපන්දු තරග ඉරිදා

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සහිරා විදුහල් ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරන සහිරා සුපර්16 නෝලිමිට් කුසලාන පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ඉරිදා (8) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ සදහා 2023 වසරේදී පැවැති තරගාවලියේ අවසන් වටයට තේරුණු කණ්ඩායම් අටක් මෙවර තරගාවලියට කෙළින්ම නිර්දේශ ලබන අතර තවත් කණ්ඩායම් අටක් සුදුසුකම් ලැබීමේ වටයෙන් ඊට එක්ව සිටිති.

දිවයිනේ වඩාත්ම සංවිධානාත්මක පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ලෙස එය අඛන්ඩව18 වැනි වසරටත් සංවිධානය කිරීමට කොළඹ සහිරා විදුහල් ආදි සිසු සංගමය සමත්ව සිටියි.

මෙවර තරගාවලියේදීත්  නෝලිමිට් ආයතනය ප්‍රධාන අනුග්‍රහය සදහා ඉදිරිපත්ව සිටියි. සිලෝන් ටේසිට් ඉම්පෙක්ස් (පැලැටිනම් අනුග්‍රහය) එම්. එෆ්. ස්පෝට්ස්( රිදී අනුග්‍රාහය) හැරෙන්නට අමානා බැංකුව, ෆොනෝ ටෙක්නොලජික්, නොකවුට්, මිස්ටර් ෆ්‍රයස් කියූ, සහිරා විදුහල් ශිෂ්‍ය නායක මණ්ඩලය, නවලෝක රෝහල, ෆිට්ස් එයාර්, මැගී, මයිලෝ, ස්ෆීඩ් හා මේ ෆ්ලවර්, ඒ. බ්‍රෑන්ඩ් වුඩ්න් ෆ්ලෝරින්ග්,ඒ ඇන්ඩ් ඒ ඔටෝ ඇක්සසරීස්, බී එම් එස් මෑන් ෆවර්, ඊ ඒෆ් එල්, ජේ බී ආර් ලන්ඩන්, ලීබන් ඉන්ටීරියර්, මැරයින් ග්‍රිල්,රෝන්සන් බයිසිකල්, ෂැඩෝ හා ස්ෆෝට්ස් වර්ල්ඩ් යන ආයතන හා සන්නාම එහි සහය හා හවුල්  අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරති.


තරගාවලියට සභභාගි වන පාසල් කණ්ඩායම්
කෙළින්ම නිර්දේශ ලැබූ කණ්ඩායම් - : 
කොළඹ දරුසලාම්, කදාන ද මැසනද්, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල, කොළඹ රාජකීය, කොටහේන ශාන්ත බෙනඩික්ට්, කොළඹ ශාන්ත ජෝශප්, කොළඹ ටී. බී ඡායා සහිරා, කොළඹ සහිරා, ඩෝහා ස්ටැෆර්ඩ් සහ ශ්‍රී ලංකා  (විදේශීය) ජාත්‍යන්තර පාසල

සුදුසුකම් වටයෙන් නිර්දේශ ලැබූ පාසල් : - 
කින්නියා අල් අමීන්, එරාවුර් ඇලගාර් ජාතික, කොළඹ ඩී. එස්. සේනානායක, ගම්පොළ සහිරා, කොළඹ අල් හුසේන්, මීගමුව මාරිස්ටෙලා හා දර්ගා නගර සහිරා.

 

සහිරා සුපිරි 16 සත් සාමාජික පාපන්දු තරගාවලියට ප්‍රධාන නිල අනුග්‍රාහය දක්වන නෝලිමිට් ආයතනය වෙනුවෙන් එහි සහය කළමනාකරු (සිල්ලර බෙදාහැරීම්)  සෆ්‍රාස් නියාස් මහතා කොළඹ සහිරා විදුහල් ආදී සිසු සංගමයේ සභාපති අසාන් මුනාෆ් මහතාට එම අනුග්‍රාහය ප්‍රදානය කළ අයුරු. සහිරා විදුහලේ විදුහල්පති ට්‍රිස්වී මරික්කාර් හා එහි ව්‍යාපෘති සභාපති ඉර්ෂාඩ් හුසේන් යන මහත්වරුන්ද මෙහි වෙති.


අදහස් (0)

සහිරා 7 සාමාජික පාපන්දු තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.