Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්ත යුක්රේන පාපන්දු තරගය කල්යයි

ස්කොට්ලන්ත යුක්රේන පාපන්දු තරගය කල්යයි

editorial - 2022 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුක්රේනයේ යුද අර්බුදය හේතුවෙන් ස්කොට්ලන්තය සහ යුක්රේනය අතර මෙම මස 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක තරගය කල් දැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. මේ වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයට ඇතුළත් මෙම තරගය තීරණාත්මක තරගයකි. 

මෙම දෙරට අතර තරගයේ ජයග‍්‍රාහකයන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔස්ටි‍්‍රයාවට හෝ වේල්සයට එරෙහිව කාඩිෆ්හිදී තරග වැදීමට නියමිතව තිබිණ. කෙසේ වුවත් යුක්රේනය සහ රුසියාව අතර මේ වන විට පවතින යුදමය වාතාවරණය හමුවේ තරගය කල් දැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත. 

තරගය කල්දමන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත් බොහෝ දුරට එය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කටාරයේදී පැවැත්වේ. 

-036 


අදහස් (0)

ස්කොට්ලන්ත යුක්රේන පාපන්දු තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.