Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්තය දෙවැනි ජය ලබයි

ස්කොට්ලන්තය දෙවැනි ජය ලබයි

editorial - 2023 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්කොට්ලන්තය අතර අද (23 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 111 ක පහසු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 35.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රිචී බෙරින්ටන් (127) ස්කොට්ලන්තය වෙනුවෙන් අගනා ශතකයක් ලබාගත්තේය. 

ස්කොට්ලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 282  
(රිචී බෙරින්ටන් 127, මයිකල් ලීසක් 41, ක්‍රිස් ග්‍රේව්ස් 22, මාක් වොට් නොදැවී 44, ජුනේඩ් සිද්දික් 49/3, අලී නසීර් 37/2) 

එක්සත් අරාබි එමීර් - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 171
(මොහොමඩ් වසීම් 36, බැසිල් හමීඩ් 30, අයාන් ඛාන් 21, කාර්තික් මයියප්පන් නොදැවී 23, සෆායන් ශරීෆ් 20/4, ක්‍රිස් සෝල් 37/3) 

-036 


අදහස් (0)

ස්කොට්ලන්තය දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.