Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්තයට ලකුණු 76 ක ජයක්

ස්කොට්ලන්තයට ලකුණු 76 ක ජයක්

editorial - 2023 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ස්කොට්ලන්තය සහ ඕමානය අතර අද (25 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය ඕමානයට ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි. එහිදී සිය මංගල ශතකය ලබාගත් ස්කොට්ලන්තයේ බ්‍රෙන්ඩන් මැක්මුලන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින් එය සැරසුවේය. 

ස්කොට්ලන්තය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 320 
(මැතිව් කෲස් 27, බ්‍රෙන්ඩන් මැක්මුලන් 136, රිචී බෙරින්ටන් 60, තෝමස් මැකින්ටොෂ් 32, මාක් වොටේ 25, බිලාල් ඛාන් 55/5, ෆයාස් බට් 68/2) 

ඕමානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 244  
(අකීබ් ඉලියාස් 31, අයාන් ඛාන් 30, ෂොයිබ් ඛාන් 36, නසීම් ඛුෂී 69, ක්‍රිස් ග්‍රේව්ස් 53/5) 

-036 


අදහස් (0)

ස්කොට්ලන්තයට ලකුණු 76 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.