Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොෂ් ගහන්න - ඔරු පදින්න කෝටි 10 ක්

ස්කොෂ් ගහන්න - ඔරු පදින්න කෝටි 10 ක්

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔරු පැදිමේ හා ස්කොෂ් යන ක්‍රීඩා ඉසව් දෙක සඳහා රුපියල් කෝටි 10කට ආසන්න අනුග්‍රාහක මුදලක් ප්‍රදානය කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඔරැ පැදිමේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා රැපියල් මිලියන 42කට වැඩි (රැපියල් 42,143,294) මුදලක් ද ස්කොෂ් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 52කට වැඩි මුදලක්ද (රැපියල් 52,400,900) ඇමැතිවරයා අනුමත කර තිබේ. මෙම මුදල් ජාතික ක්‍රීඩා සභාවේ නියාමනයන්ට යටත්ව කොටස් වශයෙන් මුදා හැරේ.

මහේල ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් හා ජයග්‍රාහණ අත්කර  ගත හැකි ක්‍රීඩා ඉසව් පිළිබඳව තක්සේරුවකට පැමිණ ස්කොෂ් සහ ඔරැ පැදීම සඳහා ද මෙම මුදල් ප්‍රදාන නිර්දේශ කර තිබේ.
මෙම වැඩසටහන යටතේ මීට පෙරත්, ක්‍රීඩා ඉසව් 10කට වැඩි ගණනකට ද ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි 30 කට වැඩි මුදල් ප්‍රතිපාදන අනුමත කර තිබිණ.

ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන්  එහි අධ්‍යක්ෂ  ජනරාල් අමල් එදිරිසූරිය මහතාත් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය වෙනුවෙන් එහි සභාපති සුරේන් කොහොඹන්ගේ මහතාත්  ශ්‍රී ලංකා ඔරැ පැදීමේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිමුත් ගුණවර්ධන යන මහතාත් දෙපාර්ශවය වෙනුවෙන් ගිවිසුම් සඳහා අත්සන් තැබූහ.

 

- 223


අදහස් (0)

ස්කොෂ් ගහන්න - ඔරු පදින්න කෝටි 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.