Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ස්ට්‍රෝන් මෑන් (ශක්ති සම්පන්න ක්‍රීඩා ඉසව්)ජාතික සම්මේලනය සංවිධානය කළ ස්ට්‍රෝන් මෑන් ක්‍රීඩා පුහුණු වැඩමුළුවක් ඉකුත්දා කොළඹදී පැවැත්විණි.
ලෝක ස්ට්‍රෝන් මෑන් සම්මේලනයේ ලේකම් වැල්ඩවිල් රැඩ්ස්කින් හා ආසියානු ස්ට්‍රෝන් මැන් සම්මේලනයේ ලේකම් කාත්‍රික් යාදෙව් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
ඒ සදහා මෙම ක්‍රීඩාව පිළිබදව උනන්දුවක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ. ආසියානු සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේ ඉදිරියේදී ස්ට්‍රෝන් මෑන් ක්‍රීඩා ආම්පන්න රැසක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි.
වසර 2021 දී ස්ථාපිත කළ මෙරට ජාතික ස්ට්‍රෝන් මෑන් සම්මේලනය පසුගිය ලෝක ශුරතාවලිය (2024 - ඩුබායි) සදහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි විය.
කොළඹදී පැවැති ස්ට්‍රෝන් මෑන් ක්‍රීඩා වැඩමුළුව මෙහෙයවූ ලෝක ස්ට්‍රෝන් මෑන් සම්මේලනයේ ලේකම් වැල්ඩවිල් රැස්කින් හා ආසියානු සම්මේලනයේ සභාපති කාතික් යාදේව් යන මහත්වරුන් ඊට සහභාගීවූවන් සමග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.